පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ

2023 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරිමේ අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක බවය.

මධ්‍යස්ථාන 2,888කදී සිසුන් තුන් ලක්ෂ 37,591 ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියහ.

menu
menu