එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ සටන අදින් ඇරඹෙයි  

2023 එක්දින ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද ඉන්දියාවේ මුම්බායිහි වංකඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය පළමු අවසන් පූර්ව තරගයේදී තරග වදින අතර ඉන්දියාව මෙම තරගයට එක්වන්නේ මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසය.

තරගය අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතය.

2019 වසරේ අවසන් පූර්ව තරගයේදී ද මෙම කණ්ඩායම් දෙක හමුවූ අතර එහිදි ඉන්දියාව පරාජය කරන්නට නවසීලන්තයට හැකියාව ලැබුණි.

මේ වනවිට ඉන්දියාව 2011 එක්දින ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව අවසන් පූර්ව වටයේ තරග 4ක් පරාජයට පත්ව සිටී.

menu
menu