පාසැල් තාප්පයක් කඩා වැටී සිසුවියක් මරුට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පිහිටි වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ඇති කොන්ක්‍රීට් බැම්මක කොටසක් කඩා වැටීමෙන් ඊට යටවූ සිසුවියක් මියගොස් සිසුන් 5දෙනෙක් රෝහල්ගතකර තිබේ.

මෙම අනතුර අද උදෑසන සිදුව ඇති අතර මෙලෙස කඩා වැටී ඇත්තේ ජල කරාම සවිකර තිබූ කොන්ක්‍රීට් තට්ටුවකි.

මියගොස් ඇත්තේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. එම සිසුවා මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.

ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් මෙසේ පෙරලී සිසුන් ඊට යටවී ඇතැයි මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.

menu
menu