ගින්නෙන් උපන් සීතල ට සම්මාන 11 ක්  

උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.

ඒ, 2019 සහ 2020 දෙවසර වෙනුවෙනි.

එහිදී හොඳම සිනමා අධ්‍යක්ෂ (2019) සම්මානය ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය වෙනුවෙන් ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහටපිරිනමන ලදි. එමෙන්ම එම වසරේ හොඳම නළුවා ලෙස ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරාරච්චි සම්මානය හිමිකරගත්තේ එම චිත්‍රපටය තුළ රෝහණ විජේවිරයන් ලෙස අද්විතීය රංගනයක නියැළෙමිනි.

හොඳම සිනමා අධ්‍යක්ෂණය හා හොඳම සිනමා නලුවා යන සම්මාන ද්විත්වයට අමතරව විවිධ අංශ යටතේ සම්මාන 16ක් සඳහා මෙම චිත්‍රපටිය නිර්දේශ වූ අතර ඒ අතරින් සම්මාන 11ක් ඊයේ දිනයේ පැවති ජනාධිපති සිනමා සම්මාන රාත්‍රියේ දී දිනා ගන්නා ලදි.

1. හොඳම සිනමා අධ්‍යක්ෂක- අනුරුද්ධ ජයසිංහ

2. හොඳම නිෂ්පාදනය (චිත්‍රපටිය)- චමත්කා පීරිස්

3. හොඳම නළුවා- කමල් අද්දරආරච්චි

4. හොඳම සහාය නිළිය - දිල්හානි අශෝකමාලා

5. හොඳම නැගී එන නළුවා -සූසන් කහඳව

6. හොඳම සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ

7. හොඳම වේශ නිරූපණය - නාරද තොටගමුව

8 හොඳම තිර රචනය - ආරියවංශ දම්මගේ

9. හොඳම සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ

10. හොඳම ගායකයා - නවරත්න ගමගේ

11.හොඳම ගායිකාව් - උමාරියා සිංහවංශ

මීට අමතරව තවත් සම්මාන කිහිපයක් වෙනුවෙන්ම ඊයේ දින සම්මාන උළෙලේ දී මෙම චිත්‍රපටය නිර්දේශ විය.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටිය ඔස්කාර් සිනමා උළෙලක ප්‍රධාන ධාරාව නියෝජනය කළ ලංකාවේ ප්‍රථම චිත්‍රපටයයි.

menu
menu