රටේ ආර්ථිකය විනාශ කරපු අයගෙන් වන්දි ඉල්ලන්න දැන් පුළුවන්   - විපක්ෂනායක - 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කළ කණ්ඩායමට, ආර්ථිකය විනාශ කිරීම වෙනුවෙන් දැන් සමස්ත සමාජයටම වගකියන්නට සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එබැවින් රටේ සියලු පුරවැසියන්ට දැන් එම කණ්ඩායමෙන් වන්දි ඉල්ලීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ ය.

හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රා​ජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් රටේ ආර්ථිකය අර්බුදයට වගකිව යුතුයැයි පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ගැන අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පෙන්වා දුන්නේය.

menu
menu