පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි  

2023 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණ
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵලwww.doenets.lk හා www.results.exams.gov.lkවෙබ් අඩවි වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවයි
මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 332,949 දෙනෙකු පෙනී සිටි අතර ඉන් සමත් වූවන් සංඛ්‍යාව 50,664 කි
මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික් අනුව සිංහල හා දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු ද නිකුත් කර තිබේ
ඒ අනුව සිංහල මාධ්‍යයෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල,මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණු සංඛ්‍යාව 154 කි
හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 150 ක් ලෙසයි
පොළොන්නරුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 149 කි
අම්පාර හා පුත්තලම දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ 148 ක් ලෙසයි
ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික්වල කඩයිම් ලකුණු සංඛ්‍යාව 146 කි
මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව 145 ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසී ය
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 27 වැනිදා සිට දෙසැම්බර් 4 වැනිදා දක්වා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය මගින් යොමු කළ හැකි බවයි
menu
menu