ඉන්දියාවේදී ලාංකිකයෙකු පැහැර ගැනීමක්

ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් ගොස් සිටි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි හීදි පැහැරගැනීමට ලක්කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බවය
තම පියා පැහැරගත් පිරිසක් ඔහු නිදහස් කිරීමට නම් ඉන්දීය රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාදෙන ලෙසට ඇමතුමක් ලැබුණු බව පැහැරගැනීමට ලක් වූ බව කියන තැනැත්තාගේ දියණිය ලෙස හැදින්වු කාන්තාවක් පොලීසියට දැනුම්දී තිබුණි
ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී පැහැරගැනීමට ලක් වූ තැනැත්තා සොයාගැනීමටත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
menu
menu