ජෙරම් අත් අඩංගුවට නොගැනීමට නියෝගයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොණුකල පෙත්සම සම්බන්ධයෙන් නියෝගය අද (17) ලබා දී තිබේ.

ඒ අනුව මේ වනවිට විදේශගතව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස නියෝගයක් නිකුත් කර ඇත.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවත් එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.

menu
menu