2023 ක්‍රිකට් ලෝක ශූරතාවය ඉන්දියාවද ඔස්ට්‍රේලියාවද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) පැවැත්වේ
ඒ සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතරයි
කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය ඔක්තෝබර් 5වැනිදා ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය
මූලික වටයේ තරග 43ක් අවසානයේ, අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම වූයේ ඉන්දියාව යි
නවසීලන්තය සමග පැවැති පළමු අවසන් පූර්ව තරගය ජය ගත් රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් අපරාජිත ඉන්දීය කණ්ඩායම සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය
මෙවර තරගාවලියේ සිටින එකම අපරාජිත කණ්ඩායම වන ඉන්දියාව අද මුහුණ දෙන්නේ සිය සිව්වැනි ලෝක කුසලාන එක්දින අවසන් මහා තරගයටයි
ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 5කදී, කුසලානය දිනා ගැනීමේ ගෞරවය තමන් සතුකරගෙන සිටින ඔස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරමිනි
පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරග 2ම පරාජයට විය
ඉතිරි තරග සියල්ල ජය ගත් ඔවුන් මෙවර එක්වන්නේ ඔවුන් ක්‍රීඩා කරන 8වැනි ලෝක කුසලාන අවසන් මහා තරගයටයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අහමදාබාද්හි, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ඊයේ සිටම ක්‍රීඩාපිටිය අවට ප්‍රේක්ෂකයින් පැමිණ ආකාරයකි
තරගය වෙනුවෙන් ක්‍රීඩා පිටිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ
2023 ක්‍රිකට් ලෝක ශූරයින් තීරණය වන තීරණාත්මක අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (19) පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය
menu
menu