බදු ‌ලැයිස්තුවට අලුත් නම් ලක්ෂ දෙකක්  

මෙම වසරේ බදු ‌ලැයිස්තුවට අලුත් නම් ලක්ෂ දෙකක් එකතු වී තිබේ. ඒ අනුව මෙම වසරේ නව බදු ගෙවන්නන් වශයෙන් ලියාපදිංචි වී ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ 98,253 කි
මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ය
ඒ අනුව මේ වන විට සිටින වයස අවුරුදු 18ට වැඩි බදු ගෙවන්නන් සංඛ්‍යාව, මිලියන 16 කි.
එකතු කළ අගය මත බදු ගෙවීමට සමාගම් 13,000 ක් පමණ ලියාපදිංචි වී ඇතැයි ද, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අනාවරණය වී ඇත.
ඉන් විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හරින බැවින් බදු අයකර ගැනීම ක්‍රමවත් කිරීමටRAMISආදායම් කළමනාකරණ පද්ධතිය භාවිතා කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළේ ය
එහෙත් එම පද්ධතියේ තවදුරටත් ගැටළු පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ පෙන්වා දී තිබේ
පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2014 වසරේ දෙසැම්බර් සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ මෙරට බදු ආදායම 65% කින් ඉහළ ගොස් ඇති බවයි
menu
menu