සත්ත්ව ආහාර සමඟ මුසු වූ රයිස් හා කොත්තු

අඩු මුදලට සුරතල් සතුන් සදහා විකිණීමට තබා තිබූ කුකුළු මස් කූඨ ව්‍යාපාරිකයින් විසින් මිලදීගෙන රයිස් කොත්‍තු ආදියට එකතු කරමින් මනුෂ්‍ය පරිභෝජනය සඳහා යොදාගන්නා බවට ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය බලප්‍රදේශයේ පිහිටි ස්ථානයක වැටලීමක් කර තිබේ
ප්‍රදේශයේ ප්‍රසිද්ධ කුකුළු ගොවිපලක ප්‍රවාහනයේදී හා නිෂ්පාදන ක්‍රියාවලියේදී මියගිය සතුන් එම ගොවිපලින් ඉතා අඩු මිලට මිලදී ගෙන ප්‍රදේශයේ සත්ව ආහාර ලෙස විකුණන බව එහිදී අනාවරණය වී ඇත
නමුත් වැටලීම සිදුකරන අවස්ථාවේ තිබූ ඇතැම් මස් තොග සතුන්ට පවා ආහාර ලෙස ලබාදීමට නුසුදුසු තත්වයේ පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය ඔස්සේ හෙළිදරව් විය
කිසිදු බලපත්‍රයක් හෝ ලේබලයක් රහිතව විකිණීම සිදුකල නිසා කිලෝග්‍රෑම් 2000ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි
menu
menu