ලෝක කුසලාන අවසන් ගැටුම මැද අනපේක්ෂිත සිදුවීමක්  

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත ලෝකයේම අවධානය යොමුවිය.

ඒ තරගය අතරවාරයේදී පලස්තීනයට සහාය පළකරන අයෙකු එක්වරම ක්‍රීඩාංගණය වෙත දිව යාමය.

එහිදී තරගයටද සුළු බාධාවක් එල්ලවිය.

මෙම සිදුවීම වූයේ තරගයේ 13වන පන්දුවාරය යොමුකරමින් සිටියදීය.

එහිදී අදාළ පලස්තීනයට සහාය පළකරන පුද්ගලයා එක්වරම ක්‍රීඩාංගණයට කඩාවැදී ඉන්දීය සුපිරි පිතිකරු කෝලි ආසන්නයටම දිවයාමට සමත්විය.

කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියාත්මකව එම පුද්ගලයා ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

menu
menu