ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම තමන් බව යළිත් සනාථ කරමින් 6 වැනි වරටත් ක්‍රිකට් ලෝක කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය
ඒ සත්කාරක ඉන්දියාව කඩුළු හයකින් පරාජය කරමිනි
ඉන්දියාඅවේ අහමබාද් ක්‍රීඩාංගණයේ පැවති තරග යේ කාසිය වාසිය දිනා පළමුව පන්දු රැකීම තෝරාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රබල ඉන්දීය පිළ ලකුණු 240කට සීමා කළේය
ලකුණු දෙසිය හතළිස් එකක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 47ක් තුළ දවා ගැනීමට ඉන්දිය පන්දු යවන්නෝ සමත් වුවද ට්‍රැවිෂ් හෙඩ්ගේ පිති ප්‍රහාරයෙන් බේරිමට ඔවුන්ට නොහැකිවිය
ඒ අනුව පන්දු එකසිය විස්සක දී හයේ පහර හතරක් හා හතරෙ පහර පහළොවක් සමග ලකුණු 137ක් ලබාගත් ට්‍රැවිෂ් හෙඩ් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.මානුෂ් ලබුෂෙයින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තේය
තරගයේ වීරයා සම්මානය ට්‍රැවිෂ් හෙඩ්ට හිමිවිය
ඉන්දියාව 240/10 (50)
ඔස්ට්‍රේලියාව 241/4 (43)
menu
menu