යුගයක අබිරහසක් සමග රහස් කියන කඳු

ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ 'රහස් කියන කඳු' (Whispering Mountains) චිත්‍රපටය නොවැම්බර් 17 සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ විය.

කොඩිගහ යට ටෙලි නිර්මාණය ඔස්සේ නවතම ප්‍රේක්ෂක අත්දැකීමක් ගෙන ආ ජගත් මනුවර්ණගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන්නේ රහස් කියන කඳු ය.

රහස් කියන කඳු' සිනමා පටය රොටර්ඩෑම්, බූසාන් යන ජාත්‍යන්තර සම්මාන හිමිකර ගනිමින් රටට කීර්තියක් අත්කර දීමට සමත් වූ අතර එය දැනට ජාත්‍යන්තර සිනමා උළෙල 13 කට පමණ සහභාගී වී තිබේ. මෙරට ප්‍රේක්ෂකයාට එම සිනමා අත්දැකීම විඳගැනීමට දැන් අවස්ථාව උදා වී තිබේ

ජගත් මනුවර්ණ, සරත් කොතලාවල, ප්‍ර්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ආනන්ද කුමාරඋන්නැහේ, කලණ ගුණසේකර ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. කූඹියෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න රංගන ශිල්පියෙකු ලෙස රහස් කියන කඳු තුළින් සිනමාවට එක්වීම විශේෂත්වයකි.

මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණය උපුල් චමිල බණ්ඩාර, තිර රචනය ජගත් මනුවර්ණ සමග නාමල් ජයසිංහ වන අතර සංගීතය සපයා ඇත්තේ තිලංක ගමගේ ය.

'රහස් කියන කඳු ' සුනිල් ටී.ප්‍රනාන්දු, නිර්මාණ බණ්ඩාර, චන්න දේශප්‍රිය, රසිත ජිනසේන සාමූහික නිෂ්පාදනයකි.

menu
menu