නිවෙස් කොල්ල කෑ මෘදුකාංග ඉංජිනේරුවරයා

මෝටර් රථයකින් පැමිණ නිවාස හා වෙළඳ සැල් බිඳ දේපල සොරාගැනීම් සිදු කරනු ලබන කල්ලියක් ගැන විමර්ශන පැවැත්වූ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය ඒ සම්බන්ධයෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත
අවුරුදු 27ක් වයසැති මොහු පන්නිපිටිය තලපත්පිටියේ පදිංචිකරුවෙකි
මෙම මෘදුකාංග ඉංජිනේරුවරයාට මෙවැනි සොරකම් සම්බන්ධයෙන් නඩු 21ක් රටපුරා අධිකරණවල ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ. සැකකරුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 05ක්ද නිකුත්කර තිබී ඇත
මෙම සැකකරු ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී බව පොලීසිය පවසයි
සොරකම් කිරීම වෙනුවෙන් ගමන් කිරීමට යොදාගත් මෝටර් රථය පවා සොරාගත් එකක් බවත් එම මෝටර් රථය ඇතුළු සොරාගත් මෝටර් රථ 03ක්ද, යතුරුපැදි 05ක්ද රන් භාණ්ඩ තොගයක්ද, පරිගණක උපාංග, නිමි ඇඳුම් ඇතුළු දේපොල රැසක්ද සොයාගෙන ඇතැයි පොලීසිය වැඩිදුරටත් හෙළි කලේය
මහරගම, තලංගම, පිළියන්දල, කහතුඩුව, වැලිකඩ, කඩුවෙල, මාලබේ, හෝමාගම, කොට්ටාව, අතුරුගිරිය, කැලණිය, හොරණ, අළුබෝමුල්ල, දෙහිවල සහ කිරුලපන යන පොලිස් ස්ථාන වලට වාර්තා වී ඇති නිවෙස් බිඳුම් හා සොරකම් මෙන්ම වෙළඳ සැල් බිඳ දේපොල සොරාගැනීම් රැසක් මෙම මෘදුකාංග ඉංජිනේරුවරයා විසින් කර ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ
menu
menu