අයවැය දෙවනවර කියැවීමේ ඡන්ද විමසීම අද යි

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද ( 21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ

අද විවාදයේ 7 වැනි දිනය අදයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වැනි දා 2024 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය

ඒ අනුව අයවැය දෙවනවර කියැවීමට අදාළ ඡන්ද විමසීම අද දවසේ පස්වරු 5.30 ට සිදුකිරීමට නියමිතය

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය පිළිබඳ තෙවැනිවර කියැවීමේ විවාදය එළැඹෙන නොවැම්බර් 23 වන බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිත වන අතර එය දෙසැම්බර් 13 වැනි දා දක්වා පැවැත්වේ

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි දා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය

menu
menu