ඩෙංගු අධි අවදානම් කලාප නම් කරයි

මෙරට ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි

ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළේ, වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවය. එම සංඛ්‍යාව 34,645 කට ආසන්න වේ. ප්‍රතිශතයක් ලෙස එය 47.5% කි.

මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප කලාප 45 ක් නම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ලෙස එම කලාප හඳුනාගෙන ඇත.

මෙම මාසයේ දී (නොවැම්බර්) පමණක් මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4,347 කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797ක් ද වශයෙන් වාර්තා වී ඇත.

නොවැම්බර් 06 වැනිදා සි⁣ට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1,586ක් වාර්තා ඇති අතර එය 44 වන සතියට සාපේක්ෂව 3.5% ක වැඩිවීමකි.

menu
menu