සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ ඊයේ (21) දින සභාවේ සිදුවු සිදුවීම බරපතළ ලෙස තමා හෙළා දකින බය.

අයවැය දෙවනවර කියැවීමේ අවසන් දිනය වන ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් සිදුරමින් සිටින අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී බාධා කිරීමක් සමඟ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවිය.

අදාළ සිදුවීමේදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාට බාධා වන අයුරින් හැසිරීම සිදු වූ අතර එබැවින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට ද කථානායකවරයා නියෝග කළේය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 146 à·„à·’ විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව එම තීරණය ගත් බවත් එය අද (22) දින සිට ක්‍රියාත්මක බවත් කථානායකවරයා පැවසීය.

menu
menu