අකිලා තිරුනායකී ලංකාව රනින් සරසයි

පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා දීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අකිලා තිරුනායකී සමත් වූවාය.

ඒ අනුව ඇය තරගාවලියේ මීටර් 1500 සහ 5000 යන ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබෙන අතර මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම ඇය ජයග්‍රහණය කර ඇති බව සඳහන්ය.

අකිලා තිරුනායකී මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇය මේ වනවිය 71 වන වියේ පසුවේ.

menu
menu