රාජිතට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම කෙරේ  

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට දින නියම කර තිබේ.


ඒ අනුව එම නඩුවේ සාක්ෂි විභාගය එළඹෙන 24 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ දින නියම කර ඇති බව සඳහන් ය.


මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමට ශ්‍රී ලංකා ධීවර වරායන් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂවරුන් පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සභාව විසින් මෙම නඩු පැවරීම සිදු කරන ලදී.

menu
menu