අයහපත් කාලගුණය සමඟ රෝග පැතිරීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඒ අනුව කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වෛරස් උණ මෙන්ම ළමා හතිය, පාචනය සහ ඩෙංගු උණ ව්‍යාප්ත වී ඇති බවත්, මීට අමතරව අත්පා මුඛ රෝගද සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇති දරුවන් මෙන්ම කට වටා සහ අත්වල රතු ලප ඇති වුවහොත් එම දරුවන්ට අත්පා මුඛ රෝගය වැළඳි තිබීමට හැකි නිසා ඔවුන්ව නිවෙස්වල තබා ගන්නා ලෙස යි.
එසේම පාචනය අවම කර ගැනීම සඳහා පිරිසිදු ජලය, පිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන ලෙසත් අත් හොඳින් පිරිසිදු කරගත යුතු බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.
menu
menu