ලංකාවට එන චීන බස් රථ  

චීනයේ BYD සමාගමේ නිෂ්පාදිත මගී ප්‍රවාහන වාහන ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින්නා ලෙස John Keells සමූහය පත් කර තිබේ.

BYD යනු ගෝලීය විදුලි බස් රථවලින් 90% කට වඩා සපයනු ලබන ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදන සමාගම යි.

ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන මගී ප්‍රවාහන බස්රථ නිෂ්පාදන සමාගම වූයේ ඉන්දියානු ආධිපත්‍යය දරන අශෝක්-ලේලන්ඩ් බස් රථ ය.

මේ අනුව මින් ඉදිරියට චීනයෙන් ගෙන්වන විදුලි බස් රථද මෙරට මගී ප්‍රවාහනය සඳහා එක්වනු ඇත.

menu
menu