ධනුෂ්කට අසාධාරණයක් සිදු වූ බවට අධිකරණ තීන්දුවක්

ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය "අසාධාරණ" ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබේ.

විනිසුරු සාරා හගේට් ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24) අසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු ඇති බවය.

මෙහිදී විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසට ය.

සමාජ මාධ්‍යක් ඔස්සේ හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා විය.

සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර නඩු විභාගයකින් අනතුරුව ගුණතිලකව පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදහස් කිරීම ද සිදුවිය

menu
menu