සුපිරි නළු සූර්යා හදිසි අනතුරක ලක්වෙයි

දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා හදිසි අනතුරකට පත්ව තිබේ

මේ දිනවල රූගත කෙරෙන Kanugava චිත්‍රපය අතරතුර රූගත කිරීම් අවස්ථාවේ කැමරාවක් සිරුරට පතිත වීමෙන් මෙම අනතුර සිදු වී ඇත

අනතුරෙන් තුවාල ලැබූ නමුත් මේ වන විට තමන් සුව වී ඇති බව සුපිරි නළු සූර්යා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ

තමාට ආශිර්වාද කිරීම ගැන හෙතෙම සමාජ මාධ්‍යයේ සටහනක් හරහා ඔහු ගේ රසිකයන්ට ස්තූතිය ද පුද කර ඇත

සිනමා පටයට අයත් සටන් ජවනිකාවක් රූගත කරන අතරතුර කේබල් ආධාරයෙන් රඳවා තිබුණු කැමරාවක් මෙසේ ඔහු ගේ සිරුරට කඩා වැටී ඇත. මේ සමඟ චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලික à·€ අවලංගු කර ඇති අතර, සූර්යාට විවේක ගැනීමට සහ සුව වීමට කාලය ලබා දී තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් නසරත්පෙට් පොලීසිය පරීක්‍ෂණ පවත්වන බව ද ඉන්දියානු මාධ්‍යය වාර්තා කරයි

UV Creations සමඟ එක් à·€Studio Green නිෂ්පාදනය කරන Kanugava චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ, සුපිරි නළු සූර්යා සහ දිෂා පටානි ය

Kanugava ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර, එය 2024 මුල දී තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ

menu
menu