රේගුව ගත් හදිසි තීරණය

නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් Door to Door ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබේ.

විදෙස්ගත පුද්ගලයන් මෙම ක්‍රමවේදය හරහා විවිධ භාණ්ඩ මෙරටට යොමුකරන අතර, එම භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන මඟින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම මෙමඟින් සිදු වේ

මේ පිළිබඳ දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ ඒ ඔස්සේ සිදු කළ විවිධ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් Door to Door භාණ්ඩ සැපයුම් ක්‍රමවේදය තාවකාලික à·€ අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා රේගුව පවසයි

ඒ අනුව දෙසැම්බර් පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර, එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය වලංගු නොවේ

දෙසැම්බර් මස පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රි ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකිය.

Door to Door ක්‍රමවේදය මඟින් භාණ්ඩ ප්‍රවාහන සමාගම් වෙත නිකුත් කරන භාණ්ඩ අස්ථානගත වීම, බහාලුම් විවෘත කිරිම ඇතුළු විවිධ අකටයුතුකම් පිළිබඳ විවිධ පාර්ශව ශ්‍රි ලංකා රේගුව වෙත චෝදනා කළ ද ඒවා සිදු කරනු ලබන්නේ මීට සම්බන්ධ අතරමැදි පාර්ශව විසින් බවට කරුණු අනාවරණය වී ඇත

ගත වූ දින තුනක කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක් (20kg) පමණ Door to Door භාණ්ඩ සේවා සැපයුම් ක්‍රමවේදය හරහා මෙරටට ගෙන්වා තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ අතර, එම සිදුවීම් ද මෙම ක්‍රමවේදය අත්හිටුවීමට හේතුකාරක වී ඇත

ශ්‍රි ලංකා රේගුව පවසන්නේ, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා වර්තමානයේ දී මෙම ක්‍රමවේදය භාවිතා කරන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවය.

එබැවින් මේ සම්බන්ධයෙන් සිදු කරන නිසි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකින් අනතුරු à·€ මනා විනිවිදභාවයකින් යුතු නියාමනයකට යටත් à·€ අදාළ ක්‍රමවේදය යළි ලබන වසරේ දී ක්‍රියාත්මක කිරිමට සැලසුම්කර ඇති බව ද ශ්‍රි ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ තීරණය හේතුවෙන් මෙම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත පෞද්ගලික ප්‍රවාහන සමාගම් ඇතුළු පාර්ශව රැසක් දැඩි අසීරුතාවට පත්වන බව එක්සත් ගමන් භාණ්ඩ සේවා සපයන්නන් ගේ සංගමයේ සභාපති පණ්ඩුක රත්නායක මහතා පෙන්වා දෙන්නේය

menu
menu