ඩිජිටල් වෙන දුම්රිය සේවය

දුම්රිය ආසන වෙන්කර ගැනීම හා තොරතුරු දැනගැනීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුම්රිය මඟීන් වෙත හඳුන්වා දී තිබේ

ස්වේච්ඡා සංවිධානයක් විසින් මෙම නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුම්රිය මඟීන් වෙත හඳුන්වා දී තිබේ

ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබූ RDMNS.LK Live Train Alerts Mobile App හරහා මෙම නව පහසුකම සපයා ඇති අතර ඒ ඔස්සේ,


  • දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව
  • ආසන වෙන් කිරීමේ ගාස්තු
  • දුම්රිය මැදිරිවල ඡායාරූප
  • ආසන වර්ග
  • ආසන අංක
  • එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්
  • වීඩියෝ දර්ශන
  • නිතර අසන ප්‍රශ්න
  • දුම්රිය කාලසටහන

යනාදී තොරතුරු රැසක් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පහසුවෙන් ලබාගත හැකි වන අයුරින් නිර්මාණය කර තිබේ.

මීට අමතරව මෙම යෙදවුම මඟින් දුම්රිය තිබෙන ස්ථානය, දුම්රිය ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ළඟා වීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකියාව ද ඇති බව වාර්තා වේ.

ර්‍RDMNS.LK Live Train Alerts Mobile App නොවැම්බර් මස 23 සිට මෙම පහසුකම ජනතාව අතට පත්කර ඇත.



menu
menu