ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමාට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සුදුසුම කාලය මෙය බවයි.

වමත් දඟපන්දු යවන්නෙකු ලෙස සහ මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් ඔහු පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 66ක් ක්‍රීඩාකර තිබේ.

මේ වනවිට 34 වැනි වියෙහි පසු වන ඉමාඩ් වසීම් එක්දින තරගවල දී කඩුලු 44ක් සහ ලකුණු 986ක් ලබාගෙන ඇති අතර, විස්සයි විස්ස තරගවල දී කඩුලු 65ක් සහ ලකුණු 486ක් රැස් කරගන්නට සමත් වූයේය.

එමෙන්ම මේ වසරේ අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහි තරගාවලියේ දී ඔහු අවසන් වරට සිය රට නියෝජනය කරමින් ක්‍රීඩා කළේය.

menu
menu