ජනපතිගේ ප්‍රකාශයට සාලියගෙන් පිළිතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

ඔහු සිය සටහනෙන් සඳහන් කර තිබුණේ, 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවය.

”රනිල් වික්‍රමසිංහ මහතා අද (නොවැම්බර් 24) පාර්ලිමේන්තුවේදී මගේ නම සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් කරමින් 2022 මැයි 09 වැනිදාට පෙර මට අගමැති වීමේ අභිලාෂයක් තිබුණා කියනවා.

අවාසනාවකට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මේ බොරු ප්‍රකාශ කරන්නේ ඔහුට පිළිතුරු දිය නොහැකි තැන.

2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද ඹැSළ් යෝජනා කිසි විටෙක පුද්ගලයන් ගැන නොවේ.

නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන, ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ අරමුණින්.”


පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවත් සාලිය පීරිස් මහතා සිය සටහන ඔස්සේ දක්වා ඇත.

ජනාධිපති නීතිඥවරයා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බවයි.

එමෙන්ම පෞද්ගලික වාසි තකා හෝ තනතුරුවලට ගිජු වී තමා සිය ප්‍රතිපත්ති පාවාදී නොමැති බවත් ඔහුගේ සටහනේ දැක්වේ.

menu
menu