කෝප් සභාපති විමර්ශන කටයුතුවලින් ඉවතට

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන කටයුතුවලින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

කෙසේ වෙතත් කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, මෙය රංජිත් බණ්ඩාර මහතා ඇතුළු කමිටු සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව කළ යුතු බවය.

කෝප් කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර බැඳියාවන් අතර ගැටුමක් පවතින හෙයින් ඔහු එම ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතුවලින් වහාම ඉවත් කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාට පසුගිය දිනවල දිගින් දිගටම පෙන්වා දීම දක්නට ලැබුණි.


ක්‍රිකට් අර්බුදයෙන් පසු තාවකාලිකව නතර කෙරුණු කෝප් කමිටුවේ විමර්ශන කටයුතු යළි ආරම්භ කිරීමටද එහිදී එකඟත්වයට පැමිණ ඇත.

menu
menu