විදුලිබල මණ්ඩලයේ සේවකයින් 5000 ට රැකියා අහිමි වෙයි

විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් ස්ථීර සේවකයින් 5000 ක් ඉවත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී අත්‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ලබන වසරේදී ලබාදීමට ගිවිසුම්ගතව තිබූ 25%ක වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

menu
menu