නව පොලිස්පති පත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව අද

නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව අද දිනයේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා, පසුගිය 24 වැනිදා විශ්‍රාම ගිය අතර පොලිස්පතිවරයාගේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වැනිදා ය.

ජනාධිපතිවරයා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගු ලබා දෙන ලදී.

menu
menu