රොෂාන්ගේ ඇමතිකම් දෙකට බෙදෙයි

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ අමාත්‍යධූර වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස, සංචාරක හා ඉඩම් අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

එසේම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය ලබාදී ඇත්තේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ය.

නව අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම අමාත්‍යධූරවල දිවුරුම් දීම සිදුවිය.

menu
menu