අලුත් ඇමති ලෙස හරීන්ගේ සැලසුම

නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බව ය.

"මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාවට අපි සියලුමදෙනා ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියා පිළිවෙත් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතියි අර්ජුන රණතුංග මහතාත්, සියලු දෙනා එක්ක එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගෙන එන්න උත්තහා කරන්නට ඕනේ. ඒ වගේම ඓCC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවත් වතාවක් හරවා ගන්න."

menu
menu