මහ බැංකුව තුළ තිබී අස්ථාන ගතවූ නෝට්ටු මිටිය  

මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම පිලිබඳව මේ වනවිට පාර්ශව කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (28) පාර්ලිමේන්තුවේ දී නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් .

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, මේ වනවිට මහ බැංකුව විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පරීක්ෂණ පවත්වන බවය.

අදාළ විමර්ශන අවසානයේ දී සිදුවීම පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ලබාගත හැකි බවත් එයට වගකිව යුතු පාර්ශව කවුරුන්ද යන්න අනාවරණය කළ හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එම විමර්ශන අවසන් වූ වහාම සිදුවීම සම්බන්ධයෙන් සියලු තොරතුරු සභාවට දැනුම්දෙන බවත් කියා සිටියේය.

menu
menu