ජනපති රනිල්ගේ මීලඟ ඉලක්කය

දශක ගණනාවක දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණදෙමින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට ද ශ්‍රී ලංකාව උත්සාහ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ රොයිටර් පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

2040 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ ශුන්‍ය වායු විමෝචකයක් සහිත රටක් බවට පත්වීමට ඩොලර් බිලියන 100ක් අවශ්‍ය බවත්

එම ඉලක්කය කරා ළඟාවීමට උත්සාහ කිරීමේදී ණය මෙන්ම හරිත මූල්‍ය මෙවලම් කෙරෙහි ද ශ්‍රී ලංකාව අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටින ලදී.

හරිත ආර්ථිකයක් සඳහා වන ක්ෂණික සැලසුම් නොමැති බව ද ජනාධිපතිවරයා පැවසූ බව රොයිටර් පුවත් සේවය පවසයි.

අයෝජන සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින්ට විදේශ ආයෝජන සඳහා ආරාධනා කර ඇති අතර කඩිනමින් ආර්ථිකය ස්ථාවර වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසයි.

menu
menu