දේවගැති ජෙරොම්  ප්‍රනාන්දු දිවයිනට

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා අද (29) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වේ.

දේවමෙහෙයකදී අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් ලද පැමිණිලි යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වන අතරතුරදී තමා අත්අත්ඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගිය මැයි 26 වැනිදා තම නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

එය විභාග කිරීමෙන් පසු ඔහු මෙරටට පැමිණීමෙන් පසු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය පසුගිය නොවැම්බර් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අධිකරණ නියෝගයට අනුව දිවයිනට පැමිණ පැය 48ක කාලයක් ඇතුළත ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දිය යුතු වේ.

ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔහු එහි මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

menu
menu