කොළඹින් ඩෙංගු හිස ඔසවයි

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වනවිට පවතින මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

"කොළඹ නගරය තුළ දැනට ඩෙංගු යැයි සැකකෙරෙන රෝගීන් 3,465ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 80%ක් පමණ ඩෙංගු බවට තහවුරු වෙලා තියෙනවා. අපි දන්නවා දෙසැම්බර් මාසයේ දී එය වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට නැවත වරක් අක්‍රමවත් ලෙස මෝසම් වැසි සක්‍රීය වීමක් අපි දකිනවා. කීට සමීක්ෂණවලින් අපිට 7.1ක් විතරයි නිවෙස්වල පොසිටිව් කෙන්ටේනර්ස් දකින්න පුළුවන්. ඒ වගේම වැඩිම ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවල 60%ක් පමණ. ඒ වගේම ඉදිකිරීම් කේෂ්ත්‍රයේ 80%ක් වගේ. මේවා අනුව අපිට ගොඩක් දුරට පාලනය කරන්න පුළුවන් වෙලා තියෙනවා."

මේ අතර උග්‍ර තීව්‍ර මන්දපෝෂණ තත්ත්වයේ දරුවන් 320ක් වාර්තා වී ඇතැයි පැවසු වෛද්‍යවරයා, ඔවුන් සියලුදෙනාට නිසි පෝෂණයෙන් යුතු ආහාර ලබාදී 102ක් දක්වා එම දරුවන් ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බව ද පැවසීය.

menu
menu