දේශබන්දුට වැඩබලන පොලිස්පති තනතුර

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි දැක්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ පත්වීම සිදුකර ඇති බවය.

පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් සී.ඩී වික්‍රමරත්න මහතා පසුගියදා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා.

menu
menu