ඇමරිකානු ගුවන් යානයක් කඩා වැටේ

ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් බටහිර ජපානය ආසන්න මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

මෙම එක්සත් ජනපද හමුදා ඔස්ප්‍රේ (Osprey) ගුවන් යානය දකුණු ජපානයේ යකුෂිමා දූපත අසල සාගරයට කඩා වැටුණු බව ජපානයේ වෙරළාරක්‍ෂක අංශ පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එම යානයේ පුද්ගලයින් 8 දෙනෙක් ගමන්කර ඇති බව සඳහන් ය.

ඔගාවා පැවසුවේ ගුවන් යානයට හෝ යානයේ සිටි පුද්ගලයන් අට දෙනාට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි තොරතුරක් මෙතෙක් හමුවී නොමැති බව ජපාන වෙරළ ආරක්ෂක බලධාරීන් පැවසීය.

menu
menu