ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්  

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම්ප් ආමි (Samp Army) කණ්ඩායමට එරෙහි තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම ජය ගෙන තිබේ.


අබුඩාබි T10 හෙවත් පන්දුවාර 10 යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර ඊයේ (28) ආරම්භ විය.


එහි නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායමට එරෙහි තරගයේ කාසිය වාසිය හිමි කරගත් සෑම්ප් ආමි (Samp Army) කණ්ඩායම තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.


ඒ අනුව පිටියට පිවිසි නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 103 කි.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෑම්ප් ආමි (Samp Army) කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 94ක් පමණි.


ඒ අනුව නොදර්න් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 9කිනි.


ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගත්තේ ය.

තරගයේ 9වෙනි පන්දුවාරයේ පළමු, දෙවන සහ තෙවන පන්දුවලදී මැතිව්ස් මෙම දක්ෂතාවය දක්වනු ලැබීය.

menu
menu