පාර්ලිමේන්තුවටම දැනටමත් ආදායම් බදු ලිපිගොනු විවෘතයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙනු ලබන්නේ වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්‍රථම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත බාර දිය යුතු බවය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු වාර්ෂික ආදායම් වාර්තාව සම්පූර්ණ කිරීම සහ මාර්ගගත (Online) ක්‍රමයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම් පිලිබඳ වැඩමුළුවේදී අදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මේ බව පෙන්වා දෙන ලදී.

මෙය සංවිධානය කර තිබුනේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසිනි.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණි වලේබොඩ මහතා විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවට රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් සහ පාර්ලිමේන්තු නිලධාරීන් ද සහභාගී විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් දැනුවත් කිරීම් සඳහා ජේෂ්ඨ කොමසාරිස් සුජීව සේනාධීර, ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර සහ ජේෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් එම්.එච්.ඩී. මෙනේරිපිටිය යන මහත්වරු සහභාගී වූහ.

මෙහිදී, වර්තමානයේ පවතින දේශීය අදායම් බදු නීතිය අනුව අදායම් වාර්තා ලබාදීම සහ එම වාර්තා ලබා නොදීම නිසා පැන නැගිය හැකි තත්ත්වයන් පිළිබඳවද දැනුවත් කිරීම් සිදු කෙරිණි.

ඒ අනුව, මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් ආදායම් බදු ලිපිගොනු විවෘත කර ඇති අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ බදු වාර්තාව සම්පූර්ණ කර මාර්ගගත (Online) ක්‍රමයට දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රයෝගික පැහැදිලි කිරීම් සිදුකරන ලද අතර, එහිදී ඇතිවෙන ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිලධාරීන්ගෙන් විමසීම් කිරීම්ද සිදුවිය.

menu
menu