පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (30) සිට වැටලීම් මාලාවක් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.


එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කරන්නේ මෙම වැටලීම් අද සිට (30) ජනවාරි 15 වැනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.


උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුළදී වියහැකි අසාධාරණකම් වැලැක්වීමට සහ ඇතිවිය හැකි ගැටලු මග හැරවීම මෙහි ප්‍රධාන අරමුණයි.


උත්සව සමය එළඹීමත් සමග වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ උපරිම මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම සහ තොග සඟවා තබාගෙන වෙළෙඳාමේ යෙදෙන කූඨ වෙළඳුන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව සභාපති ශාන්ත නිරිඇල්ල මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේය.


සමස්ත රටම ආවරණය වන පරිදි සියලු දිස්ත්‍රිකයන්ට අනුයුක්ත කර ඇති පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් සහ විමර්ශන කටයුතු සදහා යොමු කර ඇති බවත් උත්සව සමයේදී පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදීගන්නා ඇදුම් පැලදුම්, කල්පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළඳසැල් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවත් එම අධිකාරිය පවසා සිටියි.

ජංගම වෙළදුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ විශේෂ අධීක්ෂණයකට ලක්කරන අතරම රට පුරා ප්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරීම සහ වැටලීම් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කරන ලදී


සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට ලිඛිතව හා 1977 කෙටි දුරකථන අංකයෙන් ද පැමිණිලි ඉදිරිපත් කර හැකි බවයි.

menu
menu