දරුවන් අරන් හදා ගැනීමට ඇති නීති ලිහිල් කල යුතුයි ගීතා කුමාරසිංහ  -  රාජ්‍ය අමාත්‍ය කාන්තා සහ ළමා කටයුතු  

දරුවන් කුලවද්දා ගැනීමේ දී පවතින ඇතැම් නීති ලිහිල් කොට දරුවන් හදාගැනීමට කැමැති දෙමව්පියන්ට දරුවන් ලබාගැනීමට පහසුකම් සැළසිය යුතු බව කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.

දරුවන් ළමා නිවාසයක ගොඩ ගහ ගත්තා කියා දරුවන්ට සිදු වන සෙතක් නොමැති බවත් දරුවන්ට ඊට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න කටයුතු සූදානම් කර තිබෙන බවත් තමන්ගේ සංකල්පය අනුව ''කවුළුව'' නමින් රෝහල්වල සකස් කරන ස්ථානය මූලික ව්‍යාපෘති ලෙස සිදු කරන බවද අමාත්‍යවරිය කීවාය.

"විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හැටියට හඳුනාගත් වෙනම දරුවන් පිරිසක් සිටිනවා.ඔවුන් මෙම දරුවන් සමඟ එකට දාන්නේ නෑ. ඒ දරුවන් වෙනුවෙන් විශේෂ පුහුණුව ලත් උපදේශකවරු ලවා උපදේශකත්වය ලබා දීලා, එම දරුවන් බලාගන්නවා.ඇතැම් පරිවාස නිලධාරීන්ට ඒ සම්බන්ධව විශේෂ හැකියාවක් නොමැති බව පිළිගන්නවා. දරුවන්ගේ මානසික වර්ධනය පිළිබඳ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විශේෂයෙන් ම සළකනවා" යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

menu
menu