අබුඩාබිහි දී ප්‍රවේගකාරී වූ කුසල්

Abu Dhabi T10 තරගාවලියේ Bangla Tigers කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් සුපිරි ජයක් ලබාගැනීමට New York Strikers සමත්විය.

ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය NYS කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 103ක් රැස්කරගනිමින් කඩුලු 8කින් තරගයේ ජය හිමිකරගත්තේය.

මෙහිදී බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ NYS කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ආ කුසල් පෙරේරාගේ ප්‍රවේගකාරී ඉනිම වෙතයි.

පන්දු 20කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමග කුසල් නොදැවී ලකුණු 50ක් රැස්කරගැනීමට සමත්විය.

අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ Muhammad Waseem ලකුණු 41ක් රැස්කරගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Bangla Tigers කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 101ක් රැස්කර ගැනීමට සමත් විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Jordan Cox පන්දු 17කට ලකුණු 38ක් රැස්කරගත්තේය.

කුසල් මෙන්ඩිස් පන්දු 12කට ලකුණු 29ක් රැස්කළේය.

පන්දු යැවීමේදී NYS කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර එහිදී පන්දු වාර 2කට ලකුණු 22ක් ලබාදුන් චාමික කඩුලු 3ක් දවාගත්තේය.

Muhammad Jawadullah ලකුණු 21කට කඩුලු 2ක් දවාගත්තේය.

menu
menu