රොෂාන්ට කල් දෙයි

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කල් ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ එම පෙත්සම අද (30) අභියාචනාධිකරණය හමුවේ කැඳවීම සිදුවිය.

එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතාට නියෝග කර ඇත.

පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියමිතය.

ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි කරුණු ඉදිරිපත් කර ඇති බව පවසමින් අදාළ නීතීඥවරිය සිය පෙත්සම ගොනුකර තිබුණි.

menu
menu