මහනුවරට නව සංවර්ධන වැඩසටහනක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසා සිටී.

සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා විශේෂ ව්‍යාපෘතියක් ලෙස පළාත් පාලන ආයතනවල මැදිහත් වීමෙන් සංචාරකයින්ගේ පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

menu
menu