කෝලි ක්‍රිකට් වලින් ඈත් වෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇත.

ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මාසයකට ආසන්න කාලයක් සඳහාය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විරාත් කෝලි මෙම ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති අතර බොහෝවිට එම කාලය සඳහා මෙලෙස විරාත් කෝලිට බොහෝදුරට විවේකයක් ලැබෙනු ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක ගන්වා ඇත.

කෝලි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ එවන් පසුබිමකය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට කෝලි තමන්ව විවේක ලබාදෙන ලෙස ඉල්ලීම සිදුකර ඇත.

menu
menu