ෆාස්ටර් ජෙරම් අදත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ඔහුට හෙට දිනයේත් CID හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය.

ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි ඔහු ඊයේ පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

menu
menu