අද ලෝක ඒඩ්ස් දිනය යි

ලෝක එඩ්ස් දිනය අද (දෙසැම්බර් 01 ) දිනට යෙදී තිබේ.

මෙවර එහි තේමාව "ප්‍රජාව බලගන්වමු ඒඩ්ස් වළකමු" යන්නයි.

වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටින් ඒඩ්ස් (HIV) ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බව ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න මහතා සඳහන් කළේ ය

HIV ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කර ඇති බව ඔහු පැවසුවේ ය.

මේ අතර ඒඩ්ස් රෝගය මර්දනය වෙනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක වන අතර මේ ඔස්සේ ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් අවධානය යොමුකර තිබේ.

HIV ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය සඳහන් කළාය.

2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල මෙම Condom Vending Machine සවිකිරීම ආරම්භ කර තිබූ අතර පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල වී ඇති බැවින් යළි එය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වසරේ මාර්තු මස සිට නොවැම්බර් මස දක්වා කාලයේ ද උපත් පාලන කොපු හිඟයක් තිබී ඇති අතර, පසුගිය සතියේ දී උපත් පාලන කොපු ලක්ෂ 20 ක් ආනයනය කර ඇත.

ඒ අනුව මේ වනවිට සායනවලට පැමිණෙන පුද්ගලයින්ට මෙම උපත් පාලන කොපු නොමිලේ ලබාදීම සිදුකරනු ලබයි.

menu
menu