සුරාසැල් විවෘත කිරීමේ වේලාව සංශෝධනයක්

සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා සඳහන් කලේ ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බවය.

මත්පැන් සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව ඔහු පවසයි..

ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්තිය ද හේතුවක් වන බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

menu
menu